Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැනඩාවේ ස්මාරකය ගැන ලංකාවේ අවධානය
    Featured

    කැනඩාවේ ස්මාරකය ගැන ලංකාවේ අවධානය

    By LFNMay 13, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

    මේ සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව “අද දෙරණ” කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

    කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයින් පිරිසක් විසින් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකරනු ලැබූ ස්මාරකයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට වීඩියෝපට කිහිපයක් සංසරණය වෙයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, 2021දී යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීමට ලක්රජය කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ස්මාරකය ඉදිකළ බවය.

    කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු කැනඩාවේ සිටින දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකර ඇති මෙම ස්මාරකය, LTTE සංවිධානය නිර්මාණය කළ බවට පැවසෙන දෙමළ ඊළාම් සිතියම ද ඇතුළත් කරමින් ස්ථාපනය කර ඇති අයුරු දැකගත හැකිවුණි.

    අදාළ ස්මාරකය විවෘත කරන අවස්ථාවට ඔන්ටාරියෝහි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද විජේ තනිගසලාම් නමැත්තෙකු ද එක්ව සිටි අයුරුද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දක්නට ලැබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202601 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.