Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුවන් අනතුරින් මියගිය සෙබළුන්ගේ මෘතදේහ නිවෙස්වලට
    Featured

    ගුවන් අනතුරින් මියගිය සෙබළුන්ගේ මෘතදේහ නිවෙස්වලට

    By LFNMay 12, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා යුද හමුදා සාමාජිකයින් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මැයි 9 වනදා මාදුරුඔය ජලාශයට ඇදවැටී අනතුරට ලක්විය.

    ඉන් ගුවන් යුද හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට දිවි අහිමි විය.

    අනතුරින් දිවි අහිමි වූ සැරයන් තුසිත වර්ණගේ දේහය ඊයේ (11) අලුයම බලංගොඩ පින්වල ගුරුබැබිල පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවේය.

    ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ මෙ වන විට සයමස් ගැබිනියකි.

    ඔහුගේ අවසන් කටයුතු අද (12) ගුරුබැබිල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය.

    කටාන පදිංචිව සිටි කෝප්‍රල් ලක්මාල් පෙරේරාගේ දේහය ද ඊයේ අලුයම ඔහුගේ නිවසට රැගෙන ආවේ නිවැදසියන්ගේ සෝ සුසුම් මැදය.

    ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ තේක්කවත්ත පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය.

    කෝප්‍රල් ප්‍රසාද් ප්‍රෙමරත්නගේ දේහය වාරියපොළ පිහිටි ඔහුගේ නිවසට රිය පෙරහරකින් රැගෙන ආවේ පෙරේදා රාත්‍රියේ 11ට පමණි.

    ඔහුගේ අවසන් කටයුතු ඊයේ පැන්නිතව පොදු සුසාන භූමියේදි සිදුකෙරුණි.

    කෝප්‍රල් විමුක්ති දසනායකගේ දේහය ඊයේ රාත්‍රියේ රැගෙන ගොස් තිබුණේ මහියංගනය මකුළුගොල්ල පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසටය.

    ඔහුගේ බිරිඳ මේ වන විට දෙමස් ගැබිනියකි.

    එම සෙබළාගේ දේහයේ අවසන් කටයුතු ඔහුගේ විදෙස්ගතව සිටින මව නිවසට පැමිණීමෙන් අනතුරුව මැයි 13 වනදා සිදුකිරීමට නියමිතය.

    දෙදරු පියෙක් වන වැලිමඩ අමුණුමුල්ල පදිංචි සැරයන් සනත් උදය කුමාරගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

    ඔහුගේ දේහයට ගුවන් හමුදාපතිවරයා ඊයේ අවසන් ගෞරව දැක්වීය.

    දේහයේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

    බණ්ඩාරවෙල සෙවනගල පිහිටි නිවසේ තැන්පත් කර ඇති කෝප්‍රල් ආර්.එම්.එම්.මෙත්රුවන්ගේ දේහයටද ගුවන් හමුදාපතිවරයා අවසන් ගෞරව දැක්වීය.

    එම සෙබළාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202601 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.