Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුවන් අනතුරින් මියගිය සෙබළුන්ගේ මෘතදේහ නිවෙස්වලට
    Featured

    ගුවන් අනතුරින් මියගිය සෙබළුන්ගේ මෘතදේහ නිවෙස්වලට

    By LFNMay 12, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා යුද හමුදා සාමාජිකයින් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මැයි 9 වනදා මාදුරුඔය ජලාශයට ඇදවැටී අනතුරට ලක්විය.

    ඉන් ගුවන් යුද හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට දිවි අහිමි විය.

    අනතුරින් දිවි අහිමි වූ සැරයන් තුසිත වර්ණගේ දේහය ඊයේ (11) අලුයම බලංගොඩ පින්වල ගුරුබැබිල පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවේය.

    ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ මෙ වන විට සයමස් ගැබිනියකි.

    ඔහුගේ අවසන් කටයුතු අද (12) ගුරුබැබිල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය.

    කටාන පදිංචිව සිටි කෝප්‍රල් ලක්මාල් පෙරේරාගේ දේහය ද ඊයේ අලුයම ඔහුගේ නිවසට රැගෙන ආවේ නිවැදසියන්ගේ සෝ සුසුම් මැදය.

    ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ තේක්කවත්ත පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය.

    කෝප්‍රල් ප්‍රසාද් ප්‍රෙමරත්නගේ දේහය වාරියපොළ පිහිටි ඔහුගේ නිවසට රිය පෙරහරකින් රැගෙන ආවේ පෙරේදා රාත්‍රියේ 11ට පමණි.

    ඔහුගේ අවසන් කටයුතු ඊයේ පැන්නිතව පොදු සුසාන භූමියේදි සිදුකෙරුණි.

    කෝප්‍රල් විමුක්ති දසනායකගේ දේහය ඊයේ රාත්‍රියේ රැගෙන ගොස් තිබුණේ මහියංගනය මකුළුගොල්ල පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසටය.

    ඔහුගේ බිරිඳ මේ වන විට දෙමස් ගැබිනියකි.

    එම සෙබළාගේ දේහයේ අවසන් කටයුතු ඔහුගේ විදෙස්ගතව සිටින මව නිවසට පැමිණීමෙන් අනතුරුව මැයි 13 වනදා සිදුකිරීමට නියමිතය.

    දෙදරු පියෙක් වන වැලිමඩ අමුණුමුල්ල පදිංචි සැරයන් සනත් උදය කුමාරගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

    ඔහුගේ දේහයට ගුවන් හමුදාපතිවරයා ඊයේ අවසන් ගෞරව දැක්වීය.

    දේහයේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

    බණ්ඩාරවෙල සෙවනගල පිහිටි නිවසේ තැන්පත් කර ඇති කෝප්‍රල් ආර්.එම්.එම්.මෙත්රුවන්ගේ දේහයටද ගුවන් හමුදාපතිවරයා අවසන් ගෞරව දැක්වීය.

    එම සෙබළාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.