Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනයට අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක්
    Featured

    ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනයට අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක්

    By LFNMay 11, 2025No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය හා මර්දනය සඳහා කෙටිකාලීන හා දිගු කාලීන සැලැස්මක් සකස් කිරී‍ම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමුව තිබේ.

    ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

    රෝග මර්ධනය සහ පාලනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි පුළුල් වශයෙන් සාකච්ඡා වී ඇති අතර විශේෂයෙන් රත්නපුර රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අදාළ තීන්දු තීරණ රැසක් ද මෙම සාකච්ඡාවේදී ගෙන ඇති අතර ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද නිලධාරීන් වෙත අවධාරණය කර තිබේ.

    මේ වසරේ ජනවාරි මස 01 වනදා සිට ගතවූ සති 17 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 18,749 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දී ඇත.

    පවතින අවදානම සැලකිල්ලට ගනිමින් මෙම මාසය ‘විශේෂ මදුරු මර්දන මාසය‘ ලෙස නම් කර තිබේ.

    චිකන්ගුන්යා රෝගය ද ව්‍යාප්ත කිරීම සිදුකරනු ලබන්නේ ඩෙංගු රෝග වාහන මදුරු විශේෂය බැවින් නිවාස පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමෙන් එම රෝග දෙකම පාලනය කර ගත හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202601 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.