Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි
    Featured

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    By LFNMay 10, 2025No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.

    මෙම ගුවන් යානය හදිසි ගොඩ බෑමකදී පසුගිය 09 වැනිදා මාදුරුඔය ජලාශයට කඩා වැටුණි.

    එම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා ප්‍රතිකාර සඳහා අරලංගංවිල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

    මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා එම ගුවන් යානය එදින උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගුවන්ගත වී තිබුණි.

    එහිදී මාදුරුඔය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයින් 06 දෙනෙකුද නංවා ගෙන ඇති අතර ඒ අනුව එම යානය තුළ ගුවන් නියමුවන්ට අමතරව ගුවන් හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සමග පුද්ගලයින් 12 දෙනෙකු සිට තිබේ.

    එහිදී යානයේ ඇතිවූ තත්ත්වයක් මත හදිසි ගොඩ බෑමක් සිදුකර ඇති අතර එහිදී යානය මාදුරුශය ජලාශයට පතිත වී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

    එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයින් අනතුරට ලක්වූ පිරිස මුදා ගැනීමට මෙහෙයුම් දියත් කෙරිණි.

    එහිදී යානයේ සිටි 12 දෙනා මුදාගෙන අරලගංවිල ප්‍රාදේශීය රෝහලට සහ ඇතුළත් කළ අතර එහිදි 08 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර එහිදි සෙබලුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව් දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.