Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
    Featured

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    By LFNMay 9, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

    1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂ වල නිෂ්පාදිත වාහන මීට ඇතුළත්ය.

    මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

    මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකි බව ජනාධිපති කාර්යාලය කියයි.

    එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

    ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

    රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

    මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන බව ජනාධිපති කාර්යාලය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 20250118 Views

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින්…

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025

    රේගුවේ රඳවා ගෙන සිටි BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.