Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හංසිකාට යුක්තිය ඉටුවෙයිද ?
    Featured

    හංසිකාට යුක්තිය ඉටුවෙයිද ?

    By LFNMay 9, 2025No Comments3 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි දිල්ෂි හංසිකා නමැති 16 හැවිරිදි සිසුවිය සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29වනදාය.

    ඇය පදිංචිව සිටි පළමු මහලේ සිට 6 වැනි මහළට ගොස් ඉන් බිමට පැන මෙම අනතුරු සිදුකරගෙන තිබුණි.

    හංසිකා සිසුවිය ඉන් පහළට වැටෙන අයුරු CCTV කැමරාවක ද සටහන් වී තිබුණි.

    මහල් නිවාසය අසල මාර්ගයට ඇදවැටීමෙන් බරපතළ තුවාල ලැබූ ඇය, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ ද ඇයට සිදුවූයේ සිය ජීවන ගමනට සමුදීමටය.

    බම්බලපිටියේ පාසැලක ඉගෙනු ලැබූ තම දියණියට මෙවන් අකල් මරණයක් උදාවූයේ, අපයෝජනය කිරීමේ දරුණු මානසික පීඩනයකින් ඇය වේදනා විඳිමින් සිටි නිසා බවට ඇගේ මව්පියන් පවසයි.

    මෙම අපයෝජන සිද්ධියට එම පාසලේ ගුරුවරයෙකු සම්බන්ධ බවට දෙමාපියන් චෝදනා කළද, මේ දක්වා අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිලි කර නොමැත.

    මියගිය සිසුවියගේ මව,

    “පොලීසියට පැමිණිලි කළේ නැහැ. දුව බොරු කිව්වා කියලා ඉස්කෝලෙන් කිව්ව නිසා මම වෛද්‍යවරයෙකු ළඟට ගියා. ඉන් ඔප්පු වුණා ඒ බව”.

    සිසුවියගේ මව පවසන්නේ තම දියණිය එම සිදුවීමෙන් පසු මානසික ආතතියට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

    ඉකුත් වසරේ සිදුවූ මෙම සිදුවීමෙන් අනතුරුව උපකාරක පංති ගුරුවරයෙකු යළිත් වරක් ඇයව මානසික පීඩනයකට ලක්කර ඇත.

    ඒ හේතුවෙන් ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වූ බව මව්පියන් පවසයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අපකළ විමසීමකදී පොලීසිය පැවසුවේ, සිසුවිය අපයෝජනයට ලක්කළ බව කියන පාසල් ගුරුවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර මේ වනවිට ඇපමත සිටින අයෙක් බවය.

    ඊට අදාළ නඩු කටයුත්තක් ද ගොනු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය පැවසීය.

    කෙසේවෙතත් සිසුවිය මානසික පීඩනයට පත්කළ බව කියන උපකාරක පංති ගුරුවරයා සම්බන්ධයෙන් දැරිය මියයන තෙක්ම කිසිදු පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර නොමැති බවත් පොලීසිය සඳහන් කළේය.

    මෙවන් පසුබිමක අදාළ දැරිය අවසන්වරට ජීවත්ව සිටි කොටහේනේ පිහිටි මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට අද උදැසන සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පැමිණ විරෝධතාවක නිරත වූහ.

    ඒ ඇය සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාධාරණයක් ඉටුකරදෙන ලෙස ඉල්ලමින්.

    අනතුරුව විරෝධතාවයේ නිරත වූ පිරිස දැරියට මානසික පීඩා එල්ල වූ බවට පැවසෙන අමතර පන්තිය පැවැත්වූ ආයතනය ඉදිරිපිටදී ද විරෝධතාවක නිරතවිය.

    ඉන් පසුව පිරිස දැරියට ලිංගික අතවර වූ බවට පැවසෙන බම්බලපිටියේ පිහිටි කාන්තා පාසල ඉදිරිපිටට පැමිණ පිරිස විරෝධතාවයේ ද නිරත විය.

    පසුව එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, චෝදනා එල්ල වී ඇති ගුරුවරයාට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවක් ලබාදී හෙට දිනයේදී ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි.

    අනතුරුව පිරිස විරෝධතා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටුකර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අවධානය යොමුවිය.

    සමගි ජන බලවේගය පා.ම. මනෝ ගනේෂන්,

    “මේ කණ්ඩායම කලහකාරි නැහැ. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා. ඒ සර්ව අත්අඩංගුවට ගත්තත් නැවත ඇප දීලා තියෙනවා. පසුව ළමයව වෙන ඉස්කෝලෙකටත් මාරු කරලා.

    සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ටියුෂන් සර් කෙනෙක් මේ ළමයට අපහාස කරලා තියෙනවා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා මේ ළමයා මෙහෙම කරගෙන තියෙනවා.

    අපහාස කරපු ක්ලාස් එකේ අයිතිකාරයා ඕගොල්ලොන්ගේ පක්ෂේ උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවාද කියලා සැකයක් තියෙනවා”.

    ඊට පිළිතුරු දුන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්,

    “මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් jmo රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා මේ ගැන ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කරන්න කියලා.

    පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ. ඒ නිසා නීතිය අනුවම කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා”.

    ඊට ප්‍රතිචාර දැක් වූ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා,

    “මම මේ ඇමතිතුමියගෙන් මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණේ නැහැ. මේ වගේ වෙලාවක එයාව ඇවිත් මුණගැහුණේ නෑ කියලා විහිළු සපයන්න එපා”.

    අමාත්‍ය සරෝජා පෝල්රාජ්,

    “උද්ඝෝෂණ කරන්න අයිතිය තියෙනවා. හැබැයි මේකට නීත්‍යානුකූලවම තමා යන්න ඕන.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 202604 Views

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරියක් රක්ෂිත…

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.