Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විල්පත්තු හරහා අධිවේගී මාර්ගයක් ඉදිනොකරන බවට දැනුම්දීමක්
    Featured

    විල්පත්තු හරහා අධිවේගී මාර්ගයක් ඉදිනොකරන බවට දැනුම්දීමක්

    By LFNMay 8, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදිනොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ
    ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළාය.

    එහිදී අදාළ අධිවේගී මාර්ගය ඉදිනොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම්දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමතයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟවිය.

    කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් කෙරුණි.

    ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමටද තීන්දු කළහ.

    මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර තිබුණේ විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවයි.

    එවැනි අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභයභූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන ආතර වන සතුන්ටද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමින් පෙන්වා දී තිබුණි.

    ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 202606 Views

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරියක් රක්ෂිත…

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.