Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැදවියකු මියයෑම ගැන පරීක්ෂණයක්
    Featured

    අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැදවියකු මියයෑම ගැන පරීක්ෂණයක්

    By LFNMay 6, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය පුද්ගලයෙකු මියයාම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 30 වැනි දින අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ජේ.ඒ. අසංක ඉඳුනිල් නැමැති පුද්ගලයෙකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ඇතුළත් කළ බවය.

    එහිදී මෙම රැදවියා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නවක රැදවියන් රදවනු ලබන වාට්ටුවක රදවා සිටි බවත් එහිදි ඔහුගේ කලහකාරී හැසිරිම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර පසුව තනිව රැදවීමට කටයුතු කළ බවත් අදාල නිවේදනයේ සඳහන් කර ඇත.

    මෙම රැදවියා මෙසේ රදවා සිටි අවස්ථාවේදී වාට්ටුවේ බිම ඇදවැටී සිටින බව දැක කඩිනමින් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව අගුණුකොළපැලැස්ස මූලික රෝහල වෙත ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කළ බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.

    එහිදී හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම රැදවියා මියගොස් ඇති අතර, අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදි ඇති වාර්තාවට අනුව මෙම මරණය සම්බන්ධයෙන් යම් පහරදීමක් කර ඇති බවට සදහන් කර ඇත.

    මේ සම්බන්ධයෙන් ආයතන මටට්ටමින් I පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශනය සදහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා යොදවා ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

    තවද, අගුණුකොළපැලැස්ස පොලීසිය මගින්ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් අගුණුකොළපැලැස්ස වැඩබලන මහෙස්ත්‍රාත්තුමිය විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකළ බවත් එහි සඳහන් ව තිබේ.

    බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ බන්ධනාගර රෝහලේ රදවා සිටියදී මියගිය රැදවියගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර දීමකට ලක්ව ඇති බවට සැකකරන අතර ඒ ඔස්සේ ද විමර්ශන කටයුතු වැඩිදුරටත් පවත්වනු ලබන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.