Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දයට ඡන්ද මධ්‍යස්ථාන සකස්කිරීම ඇරඹෙයි
    Featured

    පුංචි ඡන්දයට ඡන්ද මධ්‍යස්ථාන සකස්කිරීම ඇරඹෙයි

    By LFNMay 5, 2025No Comments3 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී ඡන්දය පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතය.

    පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ.

    ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ එල් රත්නායක මහතා පැවසුවේය.

    මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින තුළ ද තමන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බව බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ එල් රත්නායක මහතා පැවසුවේය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 3,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

    මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මැයි මස 7 වෙනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.

    මීට අමතරව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන්ට අද සිට මැයි මස 7 වන දින දක්වා නිවාඩු ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    කෙසේවෙතත් විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එම නිවාඩුව අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දිනයන්හි බස්නාහිර පළාතේ අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සියලූම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

    කිසියම් වාහනයකට අදාළව වාහන ආදායම් බලපත්‍රයේ වලංගු කාලය අදාළ දිනවල දී අවසන් වන්නේ නම් දඩ අයකිරීමකින් තොරව රාජකාරී ආරම්භ කරනු ලබන පළමු දිනයේදීම එම වාහන සඳහා බලපත්‍ර ගාස්තුව පමණක් ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේය.

    මේ අතර නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ද අද සහ හෙට යන දෙදින වසා තැබීමට නියමිතව තිබේ.

    ඒ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම හේතුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 202600 Views

    මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනාව මෙහෙය වූ ප්‍රධාන චීවරධාරී සැකකරු මැයි…

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.