Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කරයි
    Featured

    හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කරයි

    By LFNApril 23, 2025No Comments2 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් ඉගෙනුම ලැබූ පාසලේ වැඩිමහල් ශ්‍රේණියක සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් රිදීගම – වෙලෙගෙදර – ෂැකරලි වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.

    පසුගිය 16 වනදා රිදීගම – වෙලෙගෙදර – අංහන්දිය ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීම සඳහා කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තිලිණ විරාජ් නැමැති සිසුවා ගොස් තිබේ.

    තිලිණ යන අතරමග රැකසිටි එම පාසලේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් සහ තවත් පිටස්තර පිරිසක් ඔහුට පහරදී තිබුණේ, පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමිනි.

    එහිදී ආරක්ෂිත හිස් වැසුම්වලින් සිසුවාගේ හිසට පහරදී ඇති අතර, අනතුරුව සිහිමුර්ඡා වී ඇති සිසුවා ප්‍රතිකාර සඳහා පළමුව මාවතගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යවා ඇත.

    කෙසේ වෙතත්, කුරුණෑගල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිසුවා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.

    සිද්ධිය සැලවීමත් සමග විදෙස්ගතව සිටි තිලිණගේ මව මේ වන විට නිවසට පැමිණ ඇත.

    පොලීසිය පවසන්නේ, සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

    සිසුවාට පහරදුන් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කුරුණෑගල – වෙලෙගෙදර පොලීසිය ඉදිරිපිටට රැස්වූ ෂැකරලිවත්ත ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.