Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට මහනුවර විශේෂ මධ්‍යස්ථානයක්
    Featured

    පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට මහනුවර විශේෂ මධ්‍යස්ථානයක්

    By LFNApril 22, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දළදා වන්දනාව හේතුවෙන් ආරක්ෂක රාජකාරීවල නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    “දළදා දැක්ම සමගම මේ වනවිට පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවලා තියෙනවා. ඔවුන්ට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. මහනුවර උසස් බාලිකා විදුහලේ 24,25,28 සහ 29 යන දිනවල එම දළදා වන්දනාව සඳහා රාජකාරියට පැමිණි තැපැල් ඡන්ද හිමි පොලිස් නිලධාරීන්ගේ ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා සියලුම දිස්ත්‍රික්කවලින් පැමිණි නිලධාරීන්ට ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් පොලිස්පතිවරයාට සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු අදාළ නිලධාරීන්ට අදාළ දැනුම්දීම් සිදුකර තිබෙනවා.”

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    අදාළ සියලු අයදුම්කරුවන් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විටත් නිකුත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනවලදී සිදුකිරීමට නියමිතය.

    මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ පවත්වා තිබේ.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 20250120 Views

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින්…

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025

    රේගුවේ රඳවා ගෙන සිටි BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.