Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට මහනුවර විශේෂ මධ්‍යස්ථානයක්
    Featured

    පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට මහනුවර විශේෂ මධ්‍යස්ථානයක්

    By LFNApril 22, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දළදා වන්දනාව හේතුවෙන් ආරක්ෂක රාජකාරීවල නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    “දළදා දැක්ම සමගම මේ වනවිට පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවලා තියෙනවා. ඔවුන්ට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. මහනුවර උසස් බාලිකා විදුහලේ 24,25,28 සහ 29 යන දිනවල එම දළදා වන්දනාව සඳහා රාජකාරියට පැමිණි තැපැල් ඡන්ද හිමි පොලිස් නිලධාරීන්ගේ ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා සියලුම දිස්ත්‍රික්කවලින් පැමිණි නිලධාරීන්ට ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් පොලිස්පතිවරයාට සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු අදාළ නිලධාරීන්ට අදාළ දැනුම්දීම් සිදුකර තිබෙනවා.”

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    අදාළ සියලු අයදුම්කරුවන් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විටත් නිකුත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනවලදී සිදුකිරීමට නියමිතය.

    මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ පවත්වා තිබේ.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.