Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලුත් අවුරුදු උත්සවයක් අතරතුර ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්
    Featured

    අලුත් අවුරුදු උත්සවයක් අතරතුර ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

    By LFNApril 22, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලුත් අවුරුදු උත්සවයක් අතරතුර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයාව ඝාතනය කිරීමට සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ සැලසුම් කර තිබී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

    ඒ, ලැබුණු බුද්ධි තොරතුරක් මත ගම්පහ වතුමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවේදී අත්අඩංගුවට ගත් සැකකටයුතු අට දෙනකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

    ගම්පහ ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” නමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානමින් සිටි අට දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් අප්‍රෙල් 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අවි ආයුධ සහ වාහන කිහිපයක්ද සමඟින්ය.

    විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඉන් කිහිපදෙනෙකු පොදු සමා කාලය යටතේ යුද හමුදාවෙන් ඉවත් වී ඇති අතර තවත් අයෙක් යුද හමුදාවෙන් පලාගොස් සිට ඇති බවය.

    ගණේමුල්ලේ සංජීව ඝාතනය මෙහෙය වූ එස්.එෆ්.සලින්ත තමන්ව මෙහෙයවූ බවත්, කෙහෙල්බද්දර පද්මේගේ අවශ්‍යතාව මත ඔස්මන් ඝාතනයට සූදානම් වූ බවත් සැකකරුවන් පවසා තිබේ.

    ඔවුන්ට උපදෙස් දී තිබී ඇත්තේ ගම්පහ ඔස්මන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අලුත් අවුරුදු උත්සවයකදී ඔහුව ඝාතනය කරන ලෙසටය.

    “ටී 56 දෙකෙන් දෙපැත්තෙන් ගහපන්. කී දෙනෙක් මරුණත් කමක් නෑ. ඔස්මන් මරන්න ඕනේ. “යනුවෙන් තමන්ට කෙහෙල්බද්දර පද්මේ උපදෙස් ලබාදුන් බවද සැකකරුවන් පවසා තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණයෙන් හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී විජේතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.