Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මීළඟ පාප්වහන්සේ පත්කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක්
    Featured

    මීළඟ පාප්වහන්සේ පත්කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක්

    By LFNApril 22, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්න ආකාරය පිළිබඳව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් පැහැදිලි කිරීමක් සිදුකළේය.

    එහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර සිටියේ, ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වූ විට වාතිකානය විසින් දින හතරේ සිට දින හයක කාලසීමාවක දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවය.

    එම ශෝක කාලයෙන් අනතුරුව පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකරන්නට කටයුතු කරනු ලබන බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා,

    “සාමාන්‍යයෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ වුණාම එහි සියලු වැඩ කටයතු සිදුකරනු ලබන්නේ කාදිනල් Camerlengo කියන…. මේක නාමයක්. පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ වුණාම උන්වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ වුණා කියලා නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ඒ කාදිනල් කමලිංගෝ. ඊළඟට සාමාන්‍යයෙන් චාරිත්‍රයක් තියෙනවා පාප්වහන්සේ කෙනෙකු පලඳින මුදුව මිටියකින් ගහලා එය විනාශ කරනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පාප්වහන්සේ කෙනෙක් විශේෂ ලියවිල්ලකට අත්සන් කරලා එය සීල් කරන්නේ තමන්ගේ මුදුවේ තිබෙන එම සලකුණේ. එතකොට ඒ නිසා තමයි මින් පස්සේ ඒ සලකුණ භාවිතා නොකරන්නට තමයි ඒ මුද්ද කඩා බිඳ දමන්නේ”

    මේ අතර ශුද්ධෝත්තම පාප්වහන්සේ අවමගුල් පිළිවෙතට සහභාගී වෙන්නට මෙරට රාජ්‍ය නායාටද හැකියාවක් ඇති බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෙහිදී සඳහන් කළේය.

    එමෙන්ම ශුද්ධෝත්තම පාප්වහන්සේ අවමගුල් පිළිවෙත සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනිවාර්යයෙන්ම සහභාගී වන බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

    මේ අතර නව පාප්වාහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම අවස්ථාව සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සුදුසුකම් ඇති බවත් උන්වහන්සේ ඒ සඳහා අනිවාර්යෙන්ම සහභාගී වන බවත් අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.