Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට සෞඛ්‍ය පණිවුඩයක්
    Featured

    සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට සෞඛ්‍ය පණිවුඩයක්

    By LFNApril 22, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

    ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස අදාළ කාර්යංශය එම වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    විජලනය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කරන්න.
    ගෙදරින් ගෙන ආ පිසූ ආහාර ඉක්මනින් ආහාරයට ගන්න. නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න.
    ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් ( මීමැස්මොරය, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයක් සඳහා) එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. තවත් දින කිහිපයක් සදහා සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න.
    ඔබ දිගු කාළීන රෝගයකින් පෙළෙන අයකු නම් රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ඔබ ළඟ තබා ගන්න.
    ඔබේ දරුවාගේ සාක්කුවේ හෝ ඇඳුමේ ඔබගේ දුරකථන අංකය ලියා රඳවන්න.
    කිසිඳු විටෙක පෝළිමේ සිටින විට කළබල නොවන්න. එක් අයකු කළබල වුවහොත් බොහෝ දෙනෙකු කළබල වී තෙරපීම් සිදු විය හැකියි. අනතුරු වළක්වා ගනිමු.
    අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න, කැළි කසළ අවම කර ගැනීමට සහය වන්න. හැකි සෑම විටම කසළ නියමිත බඳුන් වලට දමන්න. ඔබේ වගකීම ඉටු කරන්න.
    ඔබට සෞඛ්‍ය ගැටළුවක් ඇති වුවහොත් පෝළිමේ ගමන් මග රැඳී සිටින නිලධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගන්න.
    දුම්රිය පාපුවරුවේ. ජනේල වල හෝ බඳේ එල්ලි යාමෙන් වැලකී දුම්රිය මගේදී මෙන්ම බිං ගෙවල් තුළින් යෑමේදී සිදුවන අනතුරු වළක්වා ගනිමු.
    ඔබගේ වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව අවධානයෙන් පදවන්න. මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් රිය පදවන්න.
    ඔබේ පෞද්ගලික ස්වස්තතාව රැක ගැනීමට කුඩා සබන් කැබැල්ලක් හෝ සැනිටයිසර් දියර (hand sanitizer) රැගෙන යන්න.
    මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකෂර්ක ( පැඟිරි තෙල් වැනි) භාවිතා කරන්න.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.