Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දළදා වන්දනාවේ එන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට පියවර
    Featured

    දළදා වන්දනාවේ එන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට පියවර

    By LFNApril 21, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

    ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඒ මහතා කිවේය.

    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ සැදැහැවතුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

    ඒ අනුව නගරයට පැමිණෙන සැදැහැවතුන්ට ආහාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගන්නා බවත් ඒ මහතා පවසයි.

    සහල්, පොල් ඇතුලුව ලබා ගන්නා වියළි සලාක ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සකස් කොට දන්සැල් ලබා දීමට තීරණය කර තිබේ.

    මේ වන විට විශාල ජනකායක් දළදා වන්දනාව සඳහා මහනුවරට ඇදී එමින් පවතින බව කී දිස්ත්‍රික් ලේකම්වරයා, ඔවුන්ට පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් කුසගින්නේ නොතැබීම තමන් හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතු වගකීමක් වන බව ද සඳහන් කළේය.

    ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අමතර පහසුකම් හිමිවන බවත් දානපතියන් ඇතුලු විවිධ පාර්ශව උපකාර කිරීමට ඉදිරිපත්වී සිටින බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

    එමෙන්ම තවත් ජංගම වැසිකිළි පද්ධති කිහිපයක් ස්ථාපිත කරන බව ද ඔහු කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 202606 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින්…

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.