Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි
    Featured

    සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි

    By LFNApril 20, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ”සිරි දළදා වන්දනාවේ” තෙවැනි දිනය අදට (20) යෙදී තිබේ.

    ඒ අනුව අද මධ්‍යහන 12.30ට සිරි දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇති අතර එය පස්වරු 05.00 දක්වා පැවැත්වීමට දළදා මාලිගාව විසින් සියලු කටයුතු සූදානම් කර තිබේ.

    “සිරි දළදා වන්දනාව” එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සමාරම්භක අවස්ථාව පසුගිය 18 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටින අතර පැමිණ සිටින ජනතාවගේ කුස ගිනි නිවාලීම සඳහා 24 පැය පුරාවටම දළදා මාලිගාව විසින් දන්සල්ද ක්‍රියාත්මක කර තිබේ.

    මේ අතර ඊයේ (19) දහවල් 02.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 05.30ට අවසන් කෙරිණි.

    ඒ අනුව ඊයේ දිනයේදී එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සැදැවතුන් පිරිසකට ශ්‍රී දළඳා වහන්සේ වන්දනා කර ගැනීමේ වරම් හිමි විය.

    “සිරි දළදා වන්දනාව” සඳහා දළදා මාලිගාව විසින් ප්‍රවේශ මාර්ග ත්‍රිත්වයක්ම හඳුන්වා දුන් අතර එම සෑම මාර්ගයක්ම සැදැහැවතුන්ගෙන් පිරි ඉතිරි ගිය ආකාරයක් දක්නට ලැබුණි.

    මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් කසළ අවිදිමත් ලෙස බැහැර කරමින් මහනුවර නගර අපවිත්‍ර නොකරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.