Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ
    Featured

    දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ

    By LFNApril 17, 2025No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.

    අද (17) සවස පැවති “සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව පැවසීය.

    මේ අතර, ප්‍රභූවරුන් ලෙස විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    එසේ වුවත් ඔවුන් සියලුදෙනා දළදා මාළිගයෙන් උදෑසන 10.30 වනවිට පිටවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

    දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඇතුළු කරන අතර, පෝලිම් දෙකක් ලෙස පිටකිරීම සිදුකරන බව ද පැවසු ඒ මහතා පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන් අපහසුතාවයට පත්විය හැකි බව ද සඳහන් කළේය.

    පෝලිම්වල සිටින බැතිමතුන්ව වීඩියෝ ගත කරන බැවින් කිසිවෙකුටත් “අස්සෙන් රිංගන්න ඉඩක් නෑ” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 202606 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින්…

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.