Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 2025

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ
    Featured

    දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ

    By LFNApril 17, 2025No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.

    අද (17) සවස පැවති “සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව පැවසීය.

    මේ අතර, ප්‍රභූවරුන් ලෙස විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    එසේ වුවත් ඔවුන් සියලුදෙනා දළදා මාළිගයෙන් උදෑසන 10.30 වනවිට පිටවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

    දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඇතුළු කරන අතර, පෝලිම් දෙකක් ලෙස පිටකිරීම සිදුකරන බව ද පැවසු ඒ මහතා පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන් අපහසුතාවයට පත්විය හැකි බව ද සඳහන් කළේය.

    පෝලිම්වල සිටින බැතිමතුන්ව වීඩියෝ ගත කරන බැවින් කිසිවෙකුටත් “අස්සෙන් රිංගන්න ඉඩක් නෑ” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 2025

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,313 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,945 Views
    Don't Miss

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 20250115 Views

    TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය…

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025

    ශ්‍රී ලංකාවේ නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.