Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ
    Featured

    ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

    By LFNApril 5, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.

    ඉන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණි අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    ඉන් පසු ජනාධිපති කාර්යාලයේදී දෙරටේ නායකයින් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට ද එක්වූහ.

    අදාළ සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණි.

    මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිය.

    ඉන් අනතුරුව ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම දෙරටේ රාජ්‍ය නායකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලැබීය.

    මේ අතර මෙරට ආගමික ස්ථාන 5,000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමටද නායකයින් දෙපළ මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්විය.

    එමෙන්ම උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවෘත කරනු ලැබීය.

    මේ අතර මෙරට ඉන්දීය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කරගැනීම සිදු කෙරුණි.

    මෙහිදී විදෙස් නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුකෙරිණි.

    අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමේ අවස්ථාවෙන් අනතුරුව දෙරටේ නායකයින් ඒකාබද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “විදෙස් ප්‍රතිපත්තිය අපේ මාර්ග සිතියම වෙනවා. මීට ටික වේලාවකට ප්‍රථම අපි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. අපේ ද්වීපාර්ශ්ව සාකච්ඡාවල වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අපි, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය ගැන අදහස් හුවමාරු කරගත්තා.

    මෙරට ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කිරීම වර්ධනය හා ස්ථාවරත්වයට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මහතාට සහ ඉන්දීය රජයට ස්තූතිය පළ කළා.

    අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය සහ තිරසර ආර්ථික තත්ත්වයට ඉන්දියාව දක්වන කැපවීම සහ සහයෝගයට මෝදි අගමැතිවරයාට මම ස්තූතිවන්ත වෙනවා.

    දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂිත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපයේ ආරක්ෂාවට හානිදායකවන කිසිදු කාර්යකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීම ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත තහවුරු කළා”.

    මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්වික සාකච්ඡා අවසන්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

    මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් සහ ඉන්දීය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් එක්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 20250117 Views

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම…

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.