Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 2026

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කම්කරු අමාත්‍යංශය ඩිජිටල් කිරීමට අවධානය
    Featured

    කම්කරු අමාත්‍යංශය ඩිජිටල් කිරීමට අවධානය

    By LFNMarch 29, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කම්කරු අමාත්‍යංශය ඩිජිටල්කරණයට ලක් කරමින් එහි සේවා කඩිනමින් සහ ඵලදායීව ජනාතවට ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගිය (27) පවත්වා තිබේ.

    ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන ආයතනයක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා කඩිනමින් සහ ඵලදායී කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ඒ සඳහා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආදේශ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

    ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කඩිනමින් අදාළ සේවා අවම කාලයකින් සැපයීමත් මාර්ගගතව සහ ඩිජිටල්කරණය මගින් ලබා දිය හැකි සේවා කාර්යක්ෂමව ලබා දීමටත් මෙහිදී අවධනය යොමු කෙරුණි.

    එහිදී කම්කරු දෙපාර්තමේන්තුව, මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල ආදී ආයතනවලින් කම්කරු ජනතාවට සේවා සැපයීමේදී ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී මතු කෙරිණි.

    මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා කම්කරු ජනතාවට සිය ප්‍රතිලාභ ලබා ගැනීමේදී සහ සෙසු සේවා ලබා ගැනීමේදී කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමත්, වඩා තෘප්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.

    මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, ඩිජිටල් අමාත්‍යංශයේ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් මෙන්ම මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 202603 Views

    කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු…

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.