Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණයට වාර්තාවක්
    Featured

    හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණයට වාර්තාවක්

    By LFNMarch 19, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හරක් කටා” නැමැත්තාට පලායාම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඉන්දියාවට පලාගොස් පසුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප නමැත්තා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ මෙරට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනාත්මක වන කටයුතුවල නිරත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඊයේ (18) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    එමෙන්ම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටි කාලයේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක කටයුතුවලට නිරත වී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බව එම නිලධාරීන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.

    ඒ අනුව අදාළ තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවත් ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

    ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද එම හිටපු කොස්තාපල්වරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

    මෙම කොස්තාපල්වරයාට එරෙහිව මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙන අතර ඔහුට එරෙහි නඩු විභාගයේ අප්‍රේල් මස 03 වන දා පැවැත්වීමටද කොළඹ මහාධිකරණය පසුගිය (17) නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 202502 Views

    රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර්…

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.