Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දළදා සමිඳුන් උදෙසා තේවා රාජකාරිය මල්වතු පාර්ශ්වයෙන්, අස්ගිරි පාර්ශ්වයට පැවරේ

    July 30, 2026

    පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනය ගැන සාකච්ඡාවක්

    July 30, 2026

    සූකර රක්ෂණය ප්‍රවර්ධන මාසයක්

    July 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොවියා ආරක්ෂා කිරීමට ජනපතිගෙන් තීරණ රැසක්
    Featured

    ගොවියා ආරක්ෂා කිරීමට ජනපතිගෙන් තීරණ රැසක්

    By LFNMarch 7, 2025No Comments2 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

    මේ අතර වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදුවූ වගා හානි සඳහා වන්දි ලබාදීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

    මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස යෙදවීමේ අවශ්‍යතාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වාදී තිබේ.

    ඒ, වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගතයුතු ඉදිරි පියවර සහ මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ අද පැවැති සාකච්ඡාවකදී ය.

    ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

    එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති සඳහා ඵලදායීව යෙදවීම තුළින් මෙම වසරේ මෙරට අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය වූ 3% – 4%ක මට්ටමට පහසුවෙන් ළඟා විය හැකි බැවින් අදාළ ව්‍යාපෘති ඉතා සමීපව අධ්‍යයනය කරමින් ඵලදායී ලෙස ප්‍රතිපාදන යෙදවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දළදා සමිඳුන් උදෙසා තේවා රාජකාරිය මල්වතු පාර්ශ්වයෙන්, අස්ගිරි පාර්ශ්වයට පැවරේ

    July 30, 2026

    පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනය ගැන සාකච්ඡාවක්

    July 30, 2026

    සූකර රක්ෂණය ප්‍රවර්ධන මාසයක්

    July 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,452 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,412 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,613 Views
    Don't Miss

    දළදා සමිඳුන් උදෙසා තේවා රාජකාරිය මල්වතු පාර්ශ්වයෙන්, අස්ගිරි පාර්ශ්වයට පැවරේ

    July 30, 202604 Views

    ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදු කෙරෙන සම්ප්‍රදායානුකූල තේවා රාජකාරී කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන්…

    පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනය ගැන සාකච්ඡාවක්

    July 30, 2026

    සූකර රක්ෂණය ප්‍රවර්ධන මාසයක්

    July 30, 2026

    බස්නාහිර සහ සබරගමුව ඇතුළු තැන් කිහිපයකට මි.මී 50ට වැඩි වැසි

    July 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.