Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමල් කුමාර මුදා හැරීමට නියෝග
    Featured

    නාමල් කුමාර මුදා හැරීමට නියෝග

    By LFNJanuary 28, 2025No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතින් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් කුමාර මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියම කළේය.

    සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු ඉකුත්දා කරුණු දක්වා තිබුණි.

    ඒ අනුව ඔහු මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තලුජා ලක්මාලි මහත්මිය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවය.

    ඒ අනුව සැකකරු මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

    තහනමට ලක් කර තිබෙන කොටි සංවිධානයේ සලකුණු , ධජ හා නිල ඇඳුම් ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාර නැමැත්තාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

    ඒ අනුව අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව බන්ධනාගාර ගතව සිටි නාමල් කුමාර නැමැත්තා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,943 Views
    Don't Miss

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 20250116 Views

    ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා…

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.