Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත බිලිගත් මාරක අනතුරු
    Featured

    ජීවිත බිලිගත් මාරක අනතුරු

    By LFNJanuary 28, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (27) එම අනතුරු පොල්පිතිගම, බද්දේගම සහ පෑලියගොඩ යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පැවසීය.

    ගල්ටැංවැව – හිරිපිටිය මාර්ගයේ දංගොල්ලාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකාරිය විසින් ඇඳගෙන සිටි සාරියේ කොටසක් පිටුපස රෝදයට හිරවීම හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය හිරිපිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර බද්දේගම – වදුරබ මාර්ගයේ සුදුවැලිපත ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, සුදුවැලිපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ජ්‍යෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම ආසන්නයේදී කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් ගන්නා මංතිරුවේ සිට අනෙක් මංතීරුවට පදික මාරුව නොවන ස්ථානයකින් මාර්ගය හරහා ගමන්කළ පුද්ගලයෙකු හඳුනා නොගත් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 20250120 Views

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින්…

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025

    රේගුවේ රඳවා ගෙන සිටි BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.