Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026

    2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් – ජනපති

    January 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
    Featured

    විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

    By LFNJanuary 9, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි.

    ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 25 වන දින පස්වරුවේ සිදුවනු ඇත.

    පෙබරවාරී මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

    අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇත.

    මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026

    2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් – ජනපති

    January 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 20260117 Views

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට…

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026

    2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් – ජනපති

    January 9, 2026

    අධ්‍යාපන මොඩියුලර් සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    January 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.