Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට
    Local News

    මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට

    By LFNJanuary 2, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පවසයි.

    ඔහු පැවසුවේ මාතර බන්ධනාගාරය තුළ පවතින් ඉඩකඩ සීමාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

    බෝ ගසේ අත්ත කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් G හා F යන වාට්ටු දෙකට දැඩි හානි සිදුව තිබේ.

    මේ අතර, අනතුරෙන් මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩයක් නියම වී එම දඩය නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටි මිදිගම තුර්කි ගම්මානයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වේ.

    මෙවන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ද බන්ධනාගාරය තුළ ආරක්ෂාව ගාල්ල හා මාතර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරින් විසින්ද තහවුරු කොට ඇති අතර බන්ධනාගාරය තුළ කටයුතු සාමන්‍ය පරිදි සිදු වෙමින් පවතින බව මංගල වැලිවිට මහතා පවසයි.

    තුවාල ලැබු රැඳවියන් 11 දෙනා මේ වනවිට මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වාර්තා වේ.

    ඊයේ (01) රාත්‍රීයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් මාතර බන්ධනාගාරයේ G හා F යන වාට්ටු දෙකෙහි සිටි රැඳවියන් 12 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු මියගියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.