Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 2025

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවුරුදු 02ක පුංචි සිඟිත්තාට අත්වූ නොසිතූ ඉරණම
    Featured

    අවුරුදු 02ක පුංචි සිඟිත්තාට අත්වූ නොසිතූ ඉරණම

    By LFNDecember 29, 2024No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මවගේ පාදයේ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනානාශකයක් පානයකළ කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ පදිංචිව සිටි අවුරුද දෙකයි මාස හතක් වු එස්.ඒ.විනුක මන්දිත් නැමති දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවාය.

    ඥාති නිවසකට යාම සඳහා මව්පියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදී කුඩා දරුවා කිසිවකුට නොදැනෙ ලෙස උස් ස්ථානයක තබා තිබු මවගේ පාදයට ගෙන ආ දියර සහිත වේදනානාශකය රැගෙන ඇත.

    ඉන් අනතුරුව එහි මුඩිය ඉවත් කරමින් දරුවා සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

    පසුව මව්පියන් විසින් දරුවා පරික්ෂා කිරීමේදී අදාළ වේදනානාශක දියරය දරුවාට පෙවීමක් සිදුවු ඇතිදැයි තහවුරු වී නොමැත.

    කෙසේ නමුත් මව්පියයන් විසින් දරුවා පාලවිය ප්‍රදේශයෙ ඇති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක රැගෙන ගොස් තිබුණි.

    එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ අදාළ වේදනානාශක දියරය දරුවා පෙවීනොමැති බවට පෙනි යන බවය.

    නමුත් අදාළ වෛද්‍යවරයා පවසා ඇත්තේ දරුවා යම් හෙයකින් ආසාත්මිකතාවයකට පත් වුවහොත් කඩිනමින් රෝහල් ගත කරන ලෙසය.

    කෙසේ වෙතත් මෙම මව්පිය යුවළ දරුවා රැගෙන මාදම්පේ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම ආසන්නයෙදී එකවර ගැහෙමින් දරුවාගේ යම් රෝගී තත්ත්වයක් මතුවූ බවය.

    ඒ සමග මව්පියන් විසික් දරුවාව මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණි.

    මුන්දලම රෝහලින් දරුවා පරික්ෂාකළ වෛද්‍යවරුන් කඩිනමින් ගිලන් රථයක් මගින් හලාවත මහ රෝහලට මාරු කරු යවා තිබුණි.

    එම රෝහලේදීද දරුවාගේ පැවති අවධානම් තත්ත්වය පරික්ෂා කර වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමග කඩිනමින් ගිලන් රථ මගින් කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත.

    එහිදී රිජිවේ ආර්යා ළමා රෝහට ආසන්න වෙත්ම දරුවා ගිලන් රථය තුළම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙයි.

    දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ, අධිකරණ වෛද්‍ය හා විෂවේද වෛද්‍ය ආයතනයේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ජානක පොලොන්වෙල මහතා සිදුකර ඇත.

    එහිදී නිගමනය කර ඇත්තේ මෙම මරණය මෙතිල් සැලසිලේල් ශරීර ගතවිමෙන් ඇතිවු සංකුලතාවයක් හේතුවෙන් සිදුව ඇති බවය.

    එම මරණ පරික්ෂණයෙන් පසු දරුවාගේ සිරුර මව්පියන්ට භාර දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 2025

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 20250123 Views

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක්…

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.