Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට
    Featured

    හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට

    By LFNDecember 22, 2024No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ පෙරවරු 10ට පමණ හැටන් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට පත් වීම සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.

    අනතුර සිදුව ඇත්තේ රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් වන අතර එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි.

    එම අනතුරින් අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

    එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්ය.

    පාසල් සිසුවා සිය සහෝදරිය සමඟ බෙහෙත් ගැනීමට යන අතුරතුරදී එම අනතුරට මුහුණ දී ඇති බවය.

    තුවාල ලැබූවන් අතරින් 10 දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට යොමුකෙරුණු බවත්, ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    තිදෙනකුට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය බස් රථ රියැදුරාගෙන් ප්‍රශ්න කර තිබේ.

    එහිදී රියදුරු පවසා ඇත්තේ, බස් රථය තම පාලනයෙන් ගිලිහී ගොස් දොර විවෘත වී තමා බස් රථයෙන් එළියට වැටීමට ගිය බවය.

    ඒ අනුව සුක්කානමේ එල්ලී එය වළක්වා ගත් නමුත් පාලනය කර ගැනීමට නොහැකි වූ බස් රථය ප්‍රපාතයට පෙරළුණු බව රියැදුරා පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

    කෙසේ වෙතත්, හැටන් පොලීසිය අනතුරට ලක්වූ බස් රථයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාව පරීක්ෂාවට ලක්කර තිබුණි.

    එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරින් ටික වේලාවකට පසු කිසියම් පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනය හරහා අදාළ සී.සී.ටී.වී. දර්ශන මකා දමා ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,308 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250107 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.