Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන මාර්ග රැසක්
    Featured

    බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන මාර්ග රැසක්

    By LFNDecember 21, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේදී පැවැති හමුවකදීය.

    මෙහිදී මෙරට භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහය ලබා දීමට සූදානම් බව පැවසු මහාකොමසාරිස්වරයා පැවැසුවේ ලබන වසරේ මුල් කාලයේදී ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම අරමුණු කරගනිමින් ව්‍යාපාරිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වීමට සූදානම් බවය.

    මෙරට කාබනික කෘෂිභෝග අපනයනය සඳහා එට වෙළෙඳපොළ තුළ ඉහළ ශක්‍යතාවක් පවතින බවත් ඇඟලුම්, කෘෂි නිෂ්පාදන, ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන වැනි විවිධ නිෂ්පාදන සඳහා රට වෙළෙඳපොළ තුළ ඉඩත් පවතින බවත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා එහිදී පැවසීය.

    තවද මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හිමි වන බැවින් ඒ තුළින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ මහකොමසාරිස්වරයා කෙටි කාලීනව ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ද අගය කළේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බස් – ලොරි අනතුරක්

    November 10, 20250127 Views

    බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක්…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.