Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 2026

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්
    Featured

    සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්

    By LFNDecember 8, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති යූ.කේ සේමසිංහ මහතා සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය.

    “සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ. නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග 03 සඳහා රුපියල් 10ක වැඩිවීමක් නියම වෙලා තියෙනවා. මේක නෙමෙයි කරන්න තිබුණේ. නියාමනයට යටත්ව සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම කිරීම තමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ තීන්දුව දැන් අරගෙන තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ රජය විසින් මේ ගත්තු තීරණයට අනුව, අද දවසේ සිට පාරිභෝගික අධිකාරිය හරහා සහල් වැටලීම් සිදුකරන්න ආරම්භ කරයි කියලා. එහෙම නොකළොත් මේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත අසාධාරණයකට ලක්වෙනවා. රුපියල් 10ක් සහල් වැඩිකරලා දීලා මහා පාරිමාණ වී මෝල් හිමියන්ට තවත් රුපියල් 10කින් ඔවුන්ගේ ලාභය වැඩිකරලා දුන්න අවස්ථාවකත් මෙය නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය විසින් ලංකාව පුරා සියලුම වෙළෙඳසැල් සහ වී මෝල වලට හිල්ලා ඒ වැටලීම් සිදුකරලා මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    May 6, 2026

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 202603 Views

    ඊයේ (5) නිකුත් කළ නවතම ICC කාන්තා ක්‍රිකට් T- 20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වලට…

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.