Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දීඝදන්තු-1 ගැන නොදත් තොරතුරු
    Featured

    දීඝදන්තු-1 ගැන නොදත් තොරතුරු

    By LFNNovember 29, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තේජාන්විත හස්තියෙකු වූ ‘දීඝදන්තු 1’ ඊයේ (28) අලුයම දැයට අහිමි විය.

    කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිවහන කරගෙන සිටි මෙම හස්තියා කැකිරාව, ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් තිබුණි.

    උසින් අඩි 08ක් පමණ වූද, අඩි 05ක පමණ දිගකින් යුත් තේජාන්විත දළ යුගලයකට උරුමකම් කී මෙම හස්තියාගේ වාසභූමිය වූයේ කලාවැව ජාතික උද්‍යානය අවට භූමියයි.

    කලාවැව රක්ෂිතයේ විසූ ඇත් පන්තියේ ශරීර ප්‍රමාණයෙන් මෙන්ම පෙනුමෙන්ද එක හා සමාන ඇතුන් දෙදෙනෙකු වාසය කළ බැවින් ඔවුන් ‘දීඝදන්තු 1’ සහ ‘දීඝදන්තු 2’ ලෙසින් හැඳන්වුණි.

    ඉන් ‘දීඝදන්තු 2’ හස්තියා මීට වසර 05කට පමණ පෙර දැයට අහිමි විය.

    පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ‘දීඝදන්තු 1’ හස්තියා මියයන විට වයස අවුරුදු 45ත්, 50ත් අතර වයසේ පසුවූ බවය.

    අලි මිනිස් ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ වනඅලි 433ක් මියගොස් ඇති අතර, පසුගිය වසරේ මුල් මාස 5 තුළදී පමණක් මියගිය වනඅලි ගණන 193කි.

    කලින් කලට මෙරට ආණ්ඩු මාරු වූවද දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුමට මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබාදීමට කිසිදු ආණ්ඩුවක් සමත්වී නැති බවට එම දත්ත සපයනු ලබන්නේ ප්‍රභල සාක්ෂියකි.

    එවැනි වටපිටාවක වත්මන් රජයෙන් හෝ මෙම ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් මෙරට තුළ වෙසෙන අවසන් හස්තියාද මියගිය පසු සෝ සුසුම් පමණක් ඉතිරිවනු නොඅනුමානය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.