Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජලාශ 73ක ජල මට්ටම සියයට 65 ඉක්මයි
    Featured

    ජලාශ 73ක ජල මට්ටම සියයට 65 ඉක්මයි

    By LFNNovember 26, 2024No Comments4 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයින පුරා ඇති ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමටද පියවර ගෙන ඇති බවය.

    මේ හේතුවෙන් දිවයිනේ ජලාශ 73න් 23ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් බොහොමයක් මේ වන විට වාන් දමමින් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    අම්පාර, අනුරාධපුර, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජලාශවල ජල ධාරිතාව මේ වන විට 50% ඉක්මවා වාර්තා වී ඇති බවත් එහි සඳහන් වේ.

    එමෙන්ම හම්බන්තොට, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කවල 80%කට වැඩි ජල ධාරිතාවක් වාර්තා වී තිබේ.

    පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජල ධාරිතාව 70%කට ආසන්න අගයක් ද ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 45%කට ආසන්න ජල ධාරිතාවකට ද පත්ව තිබේ.

    මේ හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73හි මුළු ජල ධාරිතාව 65%ක් ඉක්මවා ගොස් ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය වැවේ වාන් දොරටු 6ක් මේ වනවිට විවෘත කර ඇති අතර එයින් තත්පරයට ඝණ අඩි 4,498ක ජල ප්‍රමාණයක් කලා වැව වෙත මුදා හැරෙමින් පවතින අතර අම්පාර දිස්ත්‍රික්කයේ රොට්ටිකුලම වැව තත්ත්පරයට ඝණ අඩි 3,943කට ආසන්න ජල ප්‍රමාණයකින් කරඳ ඔය වෙත නිදහස් කරමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ රූගම් ජලාශය ද මේ වනවිට වාන් දමමින් පවතින අතර බදුල්ල දිස්ත්‍රික්කයේ දම්ඹරාව, අඹේවෙල, සොරබොර වැවද මේ වන විට වාන් දමමින් පවතින බවත් එහි සඳහන් වේ.

    එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය, තිස්ස වැව, වීරවිල වැව, වේරගල සහ යෝද වැව ද වාන් දමමින් පවතින බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුරුතවෙල ජලාශය ද මේ වන විට වාන් දොරටු 5ක් විවෘත කරමින් තත්ත්පරයට ඝන අඩි 937ක් ඌරුබොකු ඔය වෙත නිදහස් කරමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    මේ හේතුවෙන් එම පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ජලාශයෙත් මේ වන විට වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඒ අනුව ඉන් තත්ත්පරයට ඝණ අඩි 1,788ක ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙත නිදහස් කරමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්ලෙවෙල වැව, කැකුණදුර වැව මේ වන විට වාන් දමමින් පවතින බවත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ වැව, මුතුකන්ඩිය සහ හඳපාන්ගල ජලාශයත් මේ වන විට වාන් දමමින් පවතින බවත් සඳහන් වේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශය ඊයේ (25) දිනය වනවිට තත්පරයට ඝණ අඩි 4,100ක ප්‍රමාණයක් නිකුත් කරමින් තිබුණද මේ වන විට තත්ත්පරයට ඝණ අඩි 13,700ක ප්‍රමාණයක් වාන් දොරටු 6ක් විවෘත කරමින් දැදුරු ඔය වෙත ජලය නිදහස් කරමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැඩියාව වැව සුළු වශයෙන් වාන් දමමින් පවතින අතර පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව වැව මේ වන විට වාන් දොරටු දෙකක් විවෘත කරමින් තත්පරයට ඝණ අඩි 240ක ප්‍රමාණයක් නන්නේරිය ඔය වෙත නිදහස් කරමින් පවතින බවත් එහි සඳහන් වේ.

    මේ අනුව දිවයිනේ ප්‍රධාන වැව්වල ජල ධාරිතාවය 90%-100%ත් අතර ප්‍රමාණයකට පත් වූ වැව් ගණන 28ක් දක්වා ඉහළ නැංවී ඇති අතර 70%ත් -90%ත් අතර ජල ධාරිතාවයට පත් වූ වැව් ප්‍රමාණය 17ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    එමෙන්ම දිවයිනේ ප්‍රධාන වැව් 23ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    තවද මධ්‍යම ප්‍රමාණයේ වැව් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංගමුව වැව මේ වන විට තත්පරයට ඝණ අඩි 1,665ක් කලාඔය වෙත නිදහස් කරමින් පවතින බවත් තුරුවිල වැවද මේ වනවිට වාන් දමමින් පවතින බවත් එහි සඳහන් වේ.

    අම්පාර දිස්ත්‍රික්කයට ඊයේ දිනයේදී වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යම ප්‍රමාණයේ වැව් සියල්ලම මේ වනවිට වාන් දමමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    එම දෙපාර්තමේන්තුවේ වාර්ෂාපතන දත්තයන්ට අනුව අම්පාර දිස්ත්‍රික්කයට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඒ අනුව කළුගල් ඔය ජලාශයට මිලිමීටර් 295ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

    එමෙන්ම නාමල් ඔය, අම්ඹලන්ඔය, එක්ගල්ඔය, පන්නල් ඔය, රොට්ටිකුලම වැව, ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.

    එමෙන්ම සේනානායක සමුද්‍රය ආශ්‍රිත ප්‍රදේශවලටද මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබේ.

    වව්නියාව දිස්ත්‍රික්කයේ පාවට්කුලම් ජලාශය ආසන්න ප්‍රදේශ වෙත මිලිමීටර් 80ක් ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව සහ මහ දිවුල්වැව ප්‍රදේශ වෙත මිලිමීටර් 90කට ආසන්න වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.

    එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ රූගම් ඔය ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වෙත මිලිමීටර් 120ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයට ද ඉතාමත් වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයිද එහි මාපාකඩ ජලාශය, බත්මැඩිල්ල අමුණ ප්‍රදේශ වෙත මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

    තවද මොරාන සහ නාගදීප ජලාශ ආසන්න ප්‍රදේශ වෙත මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපනයක් ද වාර්තා වී තිබේ.

    මොනරාගල දිස්ත්‍රික්කයේ වාර්තා වූ වර්ෂාපතනය අනුව මල්ලිපොත ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 140ක වර්ෂාපතනයක්ද වාර්තා කර තිබේ.

    මේ අනුව දිවයිනේ ප්‍රධාන වැව් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් තවදුරටත් වාන් දමමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 20250121 Views

    ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා…

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.