Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යයෙන් මෙරටට එවයි
    Featured

    ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යයෙන් මෙරටට එවයි

    By LFNNovember 26, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුවේට් රාජ්‍යයේ සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32ක් මෙරටට එවා තිබේ.

    ඔවුන් ඊ (25) පස්වරුවේ කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    මෙම සිරකරුවන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි අය බව වාර්තා වෙයි.

    ඔවුන් මෙරටට එවා තිබුණේ කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේය.

    මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත්කර, වැරදිකරුවන් වූ පිරිසකි.

    අදාළ සිරකරුවන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇති බව වාර්තා වෙයි.

    කුවේට් ගුවන් හමුදාවට අයත්‍ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (25) සවස පැමිණීමෙන් අනතුරුව මෙම සිරකරුවන් පිරිස භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේය.

    පසුව එම සිරකරුවන් පිරිස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.