ප්රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට ඊයේ (25) පස්වරු 9.00 සිට අද පස්වරු 9.00 දක්වා ක්රියාත්මක බවය.
බදුල්ල දිස්ත්රික්කය – හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, හාලිඇල, මීගහකිවුල, බදුල්ල, ලුණුගල,
ගාල්ල දිස්ත්රික්කය – බද්දේගම, ඇල්පිටිය, නාගොඩ කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල,
මහනුවර දිස්ත්රික්කය – උඩුදුම්බර, උඩපලාත, දෙල්තොට, ගගවට කෝරළය
කෑගල්ල දිස්ත්රික්කය – බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට
මාතලේ දිස්ත්රික්කය – අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල, මාතලේ
මාතර දිස්ත්රික්කය – පිටබැද්දර
නුවරඑළිය දිස්ත්රික්කය – අඹගමුව, හගුරන්කෙත, වලපනේ
රත්නපුර දිස්ත්රික්කය – ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත