Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

    November 4, 2025

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීන දූත පිරිසක් සහ ජනපති අතර හමුවක්
    Featured

    චීන දූත පිරිසක් සහ ජනපති අතර හමුවක්

    By LFNNovember 26, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

    පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දි ඔහුගේ පක්ෂය විසින් ලබා ගනු ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ චීන උප අමාත්‍යවරිය එම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කළාය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චිනය සූදානම් බව ද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.

    චීනයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන දිගුකාලීන සහයෝගීතා වැඩපිළිවෙළක් දෙරට අතර ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    එහිදී ආයෝජන ප්‍රවර්ධනය, තාක්‍ෂණ හුවමාරුව, ඩිජිටල්කරණය සහ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම ඇතුළු විවිධ සංවර්ධන මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් පසුවන බව නියෝජිත පිරිස දන්වා සිටියහ.

    විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිලධාරීන් පුහුණු කිරීම හරහා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා චීනයේ සහාය ලබා දෙන බවට ද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.

    චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

    November 4, 2025

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

    November 4, 20250124 Views

    අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව…

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.