Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් අස්ථානගතවූ සිද්ධිය ගැන නියෝගයක්
    Featured

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් අස්ථානගතවූ සිද්ධිය ගැන නියෝගයක්

    By LFNOctober 31, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

    නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ වාහන පැවරුම් අංශයේ නිල කාමරයේ ඉබියතුරු දමා ආරක්ෂිතව රඳවා තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් මෙලෙස අස්ථානගත වී තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ කාර්යමණ්ඩලයේ සේවකයින් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ දුරකථන සමාගම්වලට නියෝග කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අදාළ අංශයේ සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා ලබාගත යුතුව ඇති බැවින් එම වාර්තා තම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස බොරැල්ල පොලීසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණි.

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ ආරක්ෂිතව තිබූ පොත් 12ක් මෙලෙස අස්ථානගතවී ඇත.

    එසේ අස්ථානගතවී ඇත්තේ භාවිතයට නොගත් අලුතින් මුද්‍රණය කළ පොත් බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.