මෙරට දී සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පැවසෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශය සඳහා විදෙස් බුද්ධි අංශයක් විසින් යම් තොරතුරක් ලබා දුන් බවත් ඒ අනුව අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව ජාතික ආරක්ෂක කවුන්සියල කැඳවා ගත යුතුව තිබු කඩිනම් තීන්දු තීරණ ලබා ගත් බවය.
ඒ අනුව සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අධිකරණය ඉදිරිපත් කර ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් මෙම බුද්ධි අංශ තෙරතුර මෙරට සිදුකරනු ලැබූ බලපෑමක් නොවන බවත් අමෙරිකා එක්සත් ජනපදය ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධව සැලකිලිමත් වන ලෙස නිවේදනයක් නිකුත් කර තිබූ නමුත් සංචාරක තහනමක් පනවා නොමැති බවත් එහිදි පැවසීය.