Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 2025

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට සැරසෙති
    Local News

    දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට සැරසෙති

    By LFNOctober 29, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ.

    ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

    “දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා අපි වැරදි තොරතුරු දෙනවා කියලා. නමුත් කිසිදු වැරදි තොරතුරක් නෑ. වසර 5න් 5 ශ්‍රේණිගත වෘත්තීය සමිති ගණනාවක ඉල්ලීමකින් කොටසකට විතරක් දීලා පැවති රජයේ අමාත්‍යවරයා අවස්ථාව ලබානොදෙද්දි වෘත්තීය ක්‍රියාමාර්ගයකින් අපිට ලැබුණු උසස්වීම් ක්‍රමවේදය මේ වෙද්දි ක්‍රියාත්මක කරන්නේ නැතුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අත්තනෝමතිකව රඳවාගෙන තබාගෙන ඉන්නවා. ඒ පිළිබඳව අපේ විරෝධය පළ කරනවා. නමුත් ඒ හා සමගම තවත් කරුණු කිහිපයක් තියෙනවා. විවිධ ශ්‍රේණිවලට වාසි සහගත ලෙස සලකමින් දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට තල්ලු කිරීමේ උත්සාහයක පාලනාධිකාරිය කටයුතු කරනවා කියන එක ඇමතිවරයාට හා ජනාධිපතිවරයාට පවසනවා. මෙයට සාධනීය පිළිතුරක් නැති නම් සමස්ත දුම්රිය සේවකයින් වෙනුවෙන් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 2025

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 20250122 Views

    අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව…

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.