Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටේ සහල් සහ වී තොග වාර්තාව හෙට ජනාධිපති අතට
    Featured

    රටේ සහල් සහ වී තොග වාර්තාව හෙට ජනාධිපති අතට

    By LFNOctober 28, 2024No Comments2 Mins Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය.

    රජයේ පාලන මිල යටතේ සහල් ලබාදෙන බවට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළකළ ද, මෙතෙක් පාලන මිලට සහල් ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව නැත.

    එමෙන්ම, වෙ‍ෙළඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග තිහිපයක හිඟයක්ද නිර්මාණය වී තිබේ.

    එවන් පසුබිමක, සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව පසුගිය (26) ආරම්භ කළේය.

    ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් කිහිපයක් ඊයේ දිනයේත් පරීක්ෂාවට ලක්කෙරුණු අතර, ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝලෙහි දත්ත ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ පැමිණියේය.

    මධ්‍ය පරිමාණ සහල් මෝල් කිහිපයක්ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වුණි.

    මීට සමගාමීව අනුරාධපුර, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සහල් මෝල්වල දත්ත ලබාගැනීමද සිදුකෙරෙන අතර අවසන් වාර්තාව හෙට දිනයේ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපතිවරයාට ලබාදීමට නියමිතය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා මාධ්‍යට සඳහන් කළේ ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202602 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.