Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාරක අනතුරු කිහිපයක්
    Local News

    මාරක අනතුරු කිහිපයක්

    By LFNOctober 3, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක ඊයේ (02) සිදුවූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව සූරියවැව දෙස සිට පදලංගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයක් එම දිශාවටම ධාවනය කළ බස් රථයකට ඉස්සර කිරීමේදී යතුරුපැදියේ ගැටී තිබේ.

    පසුව ටිපර් රථය මාර්ගයේ දකුණු පස නවතාගෙන සිටි යතුරුපැදියකද ගැටී ඇති අතර අනතුරින් දකුණු පස නවතාගෙන සිටි යතුරුපැදිකරු ටිපර් රථයට යටවීමෙන් මියගොස් ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 78ක් වූ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුරින් දකුණු පසට හැරවීමට ගිය යතුරුපැදිකාරිය හා එම යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 04ක දැරියක් තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.

    අනතුරින් පසු ටිපර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    තවද, දෙනියාය කිරිවැල්දොල මාර්ගයේ කිරිවැල්දොල හන්දිය ප්‍රදේශයේදී කිරිවැල්දොල දෙස සිට දෙනියාය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරළි තිබුණි.

    අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස ගමන් කළ අවුරුදු 05ක් වන දරුවෙකු සහ අවුරුදු 18ක් වූ තරුණියක් තුවාල ලබා දෙනියාය රෝහලට ඇතුළත් කිරීමේදී ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර කොස්කොඩ කඩුගොඩ මාර්ගයේ කඩුගොඩ සිට පොල්හේන අතුරු මාර්ගයේ ගමන් කළ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් දුරකථන කණුවක ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් කැබ් රථයේ රියදුරු හා පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදි එක් කාන්තාවක් මියගොස් ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 70ක් වූ තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.