Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෆේස්බුක් හරහා මුදල් වංචා කළ යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    ෆේස්බුක් හරහා මුදල් වංචා කළ යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNSeptember 29, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඔන්ලයින් හරහා රුපියල් කෝටි දෙකකට අධික මුදල් වංචාකළ යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙරට පිහිටි පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ පසුගිය දින කිහිපය පුරාම දැන්වීම් පළකර තිබුණි.

    එම දැන්වීම නරඹා එහි ඇති සබැඳිය ඇතුළු වන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් ඊට ඇතුළත් කළ යුතු වෙයි.

    එලෙස ඇතුළුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල තැම්පත් මුදල් ඔන්ලයින් හරහා පිරිසක් ජාවාරම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ, අදාළ ජාවාරම උණවටුන ප්‍රදේශයේ සිට සිදු කරන බවය.

    එහි ගිය විමර්ශන නිලධාරීන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් දෙදෙනා යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකි.

    ඔවුන් මීට දින 5කට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර ටෙලිග්‍රෑම් සමූහයක් හරහා ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැකකරුවන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.