Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් කළ තිදෙනෙකුට වැඩවරදී
    Local News

    ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් කළ තිදෙනෙකුට වැඩවරදී

    By LFNSeptember 21, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

    උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා විය.

    මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීමේ හැකියාව පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසන්නීය.

    අද (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

    පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පවත්වනු ලැබූ 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2,849කදී දූ දරුවන් 323,7879ක් පෙනී සිටියේය.

    කෙසේවෙතත්, විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට අනාවරණ වීමත් සමඟ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර, පසුගිය දින කිහිපයේදීම මව්පියන් විභාග දෙපාර්මේන්තුව ඉදිරිපිට ඇතුළු ප්‍රදේශ රැසකදී විරෝධතාවල නිරත වූයේ සිය දරුවන්ට සාධාරණය ඉල්ලමිනි.

    ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මේ අතර, 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු ඊයේ (20) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කළේය.

    එහිදී ජෛව විද්‍යාව සඳහා සිසුන් 9,963ක්, භෞතීක විද්‍යාව සඳහා 7,609ක්, වාණිජ කළමනාකරණය සඳහා 8,080ක්, කලා විෂය ධාරාව සඳහා 11,601ක්, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 2,377ක්, ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා 1,545ක්, බහුඅවයවික විද්‍යාව සහ කාර්මික කළමනාකරණය සඳහා 50ක් මෙන්ම වෙනත් විෂය ධාරාවන් සඳහා සිසුන් 720ක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිත ය.

    ඒ අනුව අදාළ සිසුන්ට තමන් ඇතුළත් වන විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව තහවුරු කර ගැනීම සඳහා www.ugc.ac.lk වෙත පිවිසෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම්දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.