Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්
    Featured

    මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්

    By LFNSeptember 5, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය (03) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නාය.

    මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලීම සඳහා කැඳවනු ලැබීය.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති පෞද්ගලික මිනින්දෝරුවන්ට පැවරීමට එරෙහිව දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන්ට හිමිවිය යුතු ජූලි සහ අගෝස්තු මාසවලට අදාළ වැටුප් ගෙවීම අත්හිටුවීම තුළින් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ පෙත්සම්කාර මිනින්දෝරුවන් රජයේ ව්‍යාපෘතිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම ව්‍යාපෘතිවලට අත්සන් කරන්නේ නම් ඔවුන්ට අත්හිටුවා ඇති වැටුප් ගෙවීමට සූදානම් බවත් ය.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යපෘති පෞද්ගලික මිනින්දෝරුවන්ට පැවරීම අත්හිටුවන්නේ නම් අදාළ ව්‍යාපෘතිවලට අත්සන් කර නඩුව සමථයකට පත් කරගත හැකි බව සඳහන් කළේය.

    ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව අදාළ පෙත්සම ලබන මස 13 වනදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.