Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටටම යුතුකම මතක් කරන ජනපති
    Featured

    රටටම යුතුකම මතක් කරන ජනපති

    By LFNAugust 14, 2024No Comments2 Mins Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද වගකීමක් බවය.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    “රටේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පවත්වනවා. ඔබේ යුතුකම, පොලීසියේ යුතුකම නීතිය සාමය ආරක්ෂා කරලා, නීතිය යටතේ ඡන්දය ගෙනියන්න. ජනාධිපති හැටියට ඒක මගේ යුතුකමක්. ඒක මැතිවරණ කොමිසමේ යුතුකමක්. ඒක පොලීසියේ යුතුකමක්. ඒ වැඩකටයුතු සියල්ලම ක්‍රියාත්මක කරන්න කියලා කියලා මම කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මැතිවරණයෙන් පසුව ඇති වෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සියල්ල ම නවත්වන්න ඕනේ. මේ සැරේ ප්‍රචණ්ඩක්‍රියා ඇති වෙන්න බෑ. ඒ ගැන අපි ක්‍රියාකරන්න ඕනේ. ඇය අපි මේ මැතිවරණය තියන්නේ. අපිට නීතිය, සාමය, ව්‍යවස්ථාව තියෙන නිසා. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරනවා නම් අපි ආණ්ඩු ඇති කරන්නේ, ආණ්ඩු වෙනස් කරන්නේ ව්‍යවස්ථාව අනුව. 1931 ඉඳලා සර්ව ජන ඡන්දය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අණ්ඩව ආණ්ඩුවක් ගෙනියලා තියෙන්නේ ශ්‍රී ලංකා විතරයි. වෙන එක රටක නම් කරන්න මෙහෙම තියෙන. ඒ නිසා අපිට තියෙන්නේ සර්ව ඡන්දය ආරක්ෂා කරන්න. කිසිවිටෙක ඒක කැඩෙන්න ඉඩදෙන්න එපා.

    අපේ යුද හමුදාව සහ නීතිය ආරක්ෂා කරන අය කටයුතු කළ නිසා අපි එදා පාර්ලිමේන්තුව නැතිවෙන්න ගිය එක නවත්ත ගත්තා. මම ආණ්ඩුව භාරගෙන ස්ථාවර කරලා අපි බංකොළොත්භාවයෙන් පිටවෙලා ඒ වගේම අද අපිට ඡන්දය තියන්න පුළුවන්. අපි ආඩම්බර වෙනවා. ඒක නොකෙරුවා නම් මොකද්ද වෙන්නේ, එක එක අය කිව්වා මේක නැති කරන්න ආණ්ඩුව පන්නලා දාන්න උසාවි යනවා කිව්වා. යුද්ධ තියෙන වෙලාවේ මේවා බලාගෙන ඉන්න බෑ. ක්‍රියා කරනවා නම් ක්‍රියා කරන්න ඕනේ. ඒ ඔක්කෝම නිසා තමයි අද මේ ඡන්දය තියෙන්නේ. අපේ අල්ලපු රට දිහා බලන්න. එක ආණ්ඩුවක් පන්නලා දාලා. වෙන කවුරුත් නෑ ආණ්ඩුව ගන්න. සාමාන්‍යයෙන් හමුදා එනවා. හමුදාවටත් ගන්න එපාලු. මන්ත්‍රීවරු මරනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්ට, මහ බැංකු අධිපතිට රටෙන් යන්න කියලා. හෝටල් ගිනි තියලා. තාම සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා නෑ. අන්න ඔබ එදා වැඩකරපු විදියෙන් අපි මේකෙන් බේරුණා. බේරිලා සැප්තැම්බර් 21 තමන් කැමති අපේක්ෂකයාට ඡන්දේ දෙන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.