Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බංග්ලාදේශය යළි ඇවිළෙයි

    December 19, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස උඩුදුම්බරට – ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 19, 2025

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රාජසන්තක කළ අයි ෆෝන් සහ ලැප්ටොප්
    Local News

    රාජසන්තක කළ අයි ෆෝන් සහ ලැප්ටොප්

    By LFNAugust 11, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තීරු බදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබේ.

    ඊයේ (10) අලුයම 12.30ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු විසින් මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් මෙරටට රැගෙනවිත් තිබුණි.

    මෙලෙස රැගෙනවිත් ඇත්තේ ‘අයි ෆෝන්’ 36ක් සහ ලැප්ටොප් පරිගණක 06කි.

    ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා මෙම ජංගම දුරකථන සහ පරිගණක පිටතට ගෙන යමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව සඳහන් ය.

    අත්අඩංගුවට පත් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණු අතර, එහිදී රේගු පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක රාජසන්ත කිරීමට පියවර ගෙන තිබේ.

    තවද සැකකරුවන් තිදෙනාට රුපියල් ලක්ෂ 16ක දඩ මුදලක් ගෙවීමටත් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස උඩුදුම්බරට – ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 19, 2025

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    බංග්ලාදේශය යළි ඇවිළෙයි

    December 19, 20250117 Views

    බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි…

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස උඩුදුම්බරට – ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 19, 2025

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.