Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඔක්තෝබරයේ පාස්පෝට් වෙනස් වෙයි
    Featured

    ඔක්තෝබරයේ පාස්පෝට් වෙනස් වෙයි

    By LFNAugust 10, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බවය.

    “අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා. මම කිව්වා එහෙම බෑ ටෙන්ඩර් කැඳවන්න කියලා.

    ඒ අනුව සමාගමකට ටෙන්ඩරය ලැබුණා. මාස දෙකක් පමණ ප්‍රමාද වුණා ලංකාවේ තියෙන නීතිය අනුව, ඒ වැඩ කරන්න. ඒ ප්‍රමාදය තමයි ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි පාස්පෝට් නිකුත් කරන එක සීමා කරන්න වුණේ.
    අත්‍යවශ්‍ය අයට විතරක් ඔක්තෝබර් වෙනකල් දෙන්න.

    අපි දිනකට 900ක් නිකුත් කරනවා. නමුත් 1,000ක් වෙනකල් හදිසියේ එන ඒවට ඉඩ තියලා තියෙනවා.

    මෙතෙක් නිකුත් කළ ගුවන්ගමන් බලපත්‍රවලින් 23%යි භාවිත කරලා තියෙන්නේ. අනෙක් පාස්පෝට් ගත්තට පාවිච්චි කරලා නැහැ.

    මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝට් එක ගන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉන්න අලුත්ම පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසයේ ලැබෙනවා.

    අපි ටෙන්ඩරය කැඳවූවේ E – PASSPORT එකට. පරණ පොතට ඩොලර් 5.89ක් ගෙව්වා. අලුත් ගුවන්ගමන් බලපත්‍රය අපිට වෙන්නේ ඩොලර් 5.5යි”.

    ප්‍රශ්නය – ඇමතිතුමා පොලිස්පතිතුමත් නැති නිසා යුක්තිය මෙහෙයුම නතරවෙලා කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවා. පසුගිය කාලයෙත් අපි දැක්කා තැන තැන වෙඩි තැබීම් සිදුවෙනවා. යුක්තිය මෙහෙයුම තාම තියෙනවද?

    “යුක්තිය මෙහෙයුම අඩපණවෙලා තියෙනවා. අපි පිළිගන්න ඕනේ ඒක අඩපණ වෙලා තියෙනවා. පොලිස්පතිතුමා තමා ඒක ඍජුවම සම්බන්ධවෙලා සූම් මීටින් දාලා කරේ. අනිවාර්යෙන්ම ඒක අඩපණ වෙලා තියෙනවා”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.