Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොළු බිහිරි ගම්මානයක්, පවුල් 20යි, 15කම උපතින් ගොළු බිහිරි අය
    Featured

    ගොළු බිහිරි ගම්මානයක්, පවුල් 20යි, 15කම උපතින් ගොළු බිහිරි අය

    By LFNAugust 10, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඩු පහසුකම් මැද ජීවත්වන, ගොළු බිහිරි ගම්මානයක් පිළිබඳ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වේ.

    මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයට අයත් අංක 553 මීවැල්ලෑව ග්‍රාම සේවා තුලානේය.

    නමින් තිනිපිටිගම වන මෙම ගම්මානයේ පවුල් 20කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ඉන් පවුල් 15ක පමණ උපතින්ම ගොළු බිහිරි අය ජීවත් වේ.

    එමෙන්ම ඔවුන් ඉතා අපහසුතා මැද ජීවත්වෙන අතර, ගම්මානයට පිවිසීමට හරිහමන් මාර්ගයක් නොමැති පසුබිමක එම ගම්මානයේ වැසියන් බීමට ජලය ලබා ගන්නේද පිටතින් පැමිණෙන ලොරි රථ මඟිනි.

    තවද බොහෝ නිවාස කටු මැටි හෝ ටකරන් සෙවිලිකර තනාගත් නිවාසය.

    නිරන්තරයෙන් වන අලීන්ගෙන් බැට කන මෙම ගම්මානයේ වැසියන්නේ ප්‍රධාන ජීවිකාවන් වී ඇත්තේ කුලී රැකියා, සත්ත්ව පාලනය හා ධීවර රැකියාව යනාදියයි.

    අඩු පහසුකම් යටතේ ජීවත් වන මොවුන්ට, ආබාධිත දීමනා වශයෙන් රජයෙන් රුපියල් 5,000ක මුදලක් හිමි වේ.

    කෙසේ නමුත් සිය ජීවිකාව ගැටගසා ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොමැති නිසා, කුලී රැකියා සොයා ගියද බොහෝ දෙනෙකු ගොළු බිහිරි වීම නිසා කුලී රැකියාවක්වත් නොලැබෙන බව සඳහන්ය.

    ඉඳහිට හෝ ලැබෙන කුලී රැකියාවෙන් උපයන සොච්චම් මුදල තම ජීවිකාව කර ගැනීමට හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි බව ඔවුහු පවසති.

    දිය නෑම සහ දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීමට ගම්මානයේ වැවක් තිබුණද, එයද ඉඩෝරයට සිඳී යන බවද වැසියෝ පෙන්වා දෙති.

    මීට වසර කිහිපයකට පෙර ධානපතියකු විසින් මෙම ගම්මානයට ජල පිරිපහදුවක් ලබා දී තිබුණද, එහි මෝටරය කැඩී ගොස් ජල පෙරනයද අක්‍රිය වී තිබීමද කනගාටුවට කරුණකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.