Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අස්වැසුම ගැන අලුත්ම ආරංචිය
    Local News

    අස්වැසුම ගැන අලුත්ම ආරංචිය

    By LFNJuly 21, 2024No Comments2 Mins Read279 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.

    ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුකෙරෙයි.

    එහි සංගණන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් උතුරු පළාත තුළ එය සාර්ථකව සිදුකළ ද එම කටයුතු සඳහා අනෙකුත් පළාත්වල නිලධාරීන්ගේ යම් මැලිකමක් දක්නට ලැබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙන බව වාර්තා වෙයි.

    කාණ්ඩ 4ක් යටතේ එම ප්‍රතිලාභය ලබාදෙන අතර සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම සිදුකරයි.

    “දුප්පත්” කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 8,500ක දීමනාවක් ද “අන්ත දුප්පත්” යන කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ද මේ වනවිට ලබාදෙයි.

    කෙසේවෙතත් සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ 2 සඳහා ලබාදෙන අස්සැසුම ප්‍රතිලභය මෙම වසර් දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර එම කාණ්ඩ 2 යටතේ ලක්ෂ 8ක පමණ ප්‍රතිලාභීන් ප්‍රමාණයක් මේ වනවිටත් දීමනා ලබා ගනිමින් සිටී.

    අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වූ වහාම පළමු අදියරේ දී අස්වැසුම හිමිවන ප්‍රතිලාභීන්ගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202609 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.