ජනතාවට අද සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේ එදා ආර්ථික අර්බුදකාරී සමයේ ජනතාව තම ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී නිවාසහිමියන්ට සින්නක්කර ඔප්පු පිරිනැමීමේ රන්දොර උරුමය වැඩසහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී නිවාසහිමියන් 50,000කට රන්දොර උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහන ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී පැවැත්වුණි.
ඒ, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනි.
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙහිදී පැවසීය.