Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනය පළිගැනීමක්
    Featured

    හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනය පළිගැනීමක්

    By LFNJuly 17, 2024No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ලෙස ක්‍රීඩා කළ ධම්මික නිරෝෂණ හෙවත් ‘ජොන්ටි’ නැමැත්තාව ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    අම්බලන්ගොඩ, බෝගහවත්ත, කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 9.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇත.

    ඒ එම නිවෙස්හිමියා ඉලක්ක කරමින් බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කරමිනි.

    වෙඩි ප්‍රහාරය අදාළ පුද්ගලයාගේ හිසට වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

    නිවෙස අසළ ඇති පාළු ඉඩමක සිට එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් පා ගමනින් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

    ප්‍රහාරය එල්ලව ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගීවීම සඳහා යාමට නිවෙසින් පිටතට පැමිණෙමින් සිටියදීය.

    එලෙස ඝාතනය වුණේ ධම්මික නිරෝෂණ හෙවත් “ජොන්ටි” නමින් හඳුන්වන 41 හැවිරිදි දෙදරු පියෙකි.

    ඔහු 2002 වසරේදී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද ක්‍රීඩා කර තිබේ.

    පසුව විදෙස්ගතව ඇති ඔහු නැවතවතාවක් විදෙස්ගතවීමේ අරමුණින් සිටඇති බව පොලීසිය සඳහන් කළේය.

    ධම්මික නිවසින් පිටතට පැමිණ ඇත්තේ සැකකටයුතු පුද්ගලයෙකු නිවස අසල පාළු ඉඩමේ සිටින බවට නිවැසියෙක් ඔහුව දැනුවත් කර තිබියදීය.

    මියගිය පුද්ගයා ප්‍රදේශයේ අවමගුල් උත්සවවල සූදු පිටි පවත්වන අයෙක් වත අතර එම සූදු පිටියකදී කලකට පෙර ඇති වූ ආරවුලක් එම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සැකකරයි.

    ඔහුට මීට පෙරද ජීවිත තර්ජන තිබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202604 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.