Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ ධුර කාලය නිමා වෙන දිනය කවදා ද ?
    Featured

    ජනපතිගේ ධුර කාලය නිමා වෙන දිනය කවදා ද ?

    By LFNJuly 4, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (03) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණි.

    ඒ, මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

    ව්‍යවසායකයකු වන සී.ඩී. ලෙනව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කළ පෙත්සමෙන් දක්වා තිබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී ඇති බවය.

    2015දී බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් දක්වා අඩු කරන විට එය ජනමත විචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වැනි ව්‍යවස්ථාව අනුව නිසිපරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බවත්, එබැවින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 කින්ද, නැතිනම් අවුරුදු 06 කින්ද යනුවෙන් ගැටලුවක් මතු වන බවත් පෙත්සමේ සඳහන් ය.

    මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 202502 Views

    දොඩංගොඩ මාලිමා පළාත් පාලන අපේක්ෂකයකුට පහරදුන් සමගි ජන බලවේගය දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දොඩංගොඩ පොලීසිය…

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.